රත්‍රං තොගයක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –රත්‍රන් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 100ක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බව කියන කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සිදුකළ පරීක්‍ෂාවක දීයි එම රන් ආභරණ සොයා ගෙන ඇත.

සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු ළඟ තිබියදී රත්‍රන් සොයා ගෙන තිබේ. මොවුන් දෙදෙනා යාපනයේ පදිංචිකරුවන් බවට පරීක්‍ෂණවලින් හෙළිව තිබේ.

සැකකාරියන් වැඩිදුර පරීක්‍ෂණ සඳහා රේගු නිලධාරීන් වෙත භාරදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *