රිමාන්ඩ් බන්ධනාගාර ගතවන විශේෂිත පුද්ගලයන්ට විශේෂිත මැදිරියක්

(කොළඹ, ලංකාපුවත්) – රිමාන්ඩ් බන්ධනාගාරගත වන විශේෂිත පුද්ගලයන් රඳවා තැබීම සඳහා බන්ධනාගාරවල විශේෂිත මැදිරියක් සකස් කිරීමට අවධානය යොමුව ඇතැයි බන්ධනාගාර හා අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.

මේ හරහා තමන්ට අභිමත ආකාරයට බන්ධනාගාර රෝහලේ රැඳී සිටීමේ අවස්ථාව අහිමි වන බවද අද (08) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරිය පවසා සිටියාය.

සැකකරුවන් බවට පත්වන විශේෂිත පුද්ගලයන් වෙනම රඳවා තැබීමට සිදුවන බවත්, කාලයට අනුව මෙවැනි වෙනස්කම් සිදුවිය යුතු බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *