කටුනායක ගුවන්තොටුපල භාණ්ඩ අලෙවි සැල් ගබඩාවක ගින්නක්

(කොළඹ, ලංකාපුවත්) –කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ මගීන් පැමිණීමේ පර්යන්තයේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයක අද (09) අලුයම ගින්නක් හටගෙන තිබේ.

කෙසේ නමුත් මේ වන විට එය මැඩපවත්වා ඇති බව වාර්තා වේ. සාප්පු සංකීර්ණයේ හටගත් ගින්න, පැය දෙකක පමණ කාලයක් පැවති බව සදහන් ය.

සාප්පු සංකීර්ණයේ ගබඩාකර තිබූ විදුලි උපකරණ රැසක් ගින්නට හසුවීමෙන් විනාශ වී ඇත. රෙදි සෝදන යන්ත්‍ර, ශීතකරණ ඇතුළු තවත් විදුලි උපකරණ රැසක් ඊට අයත්ය.

ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ, ගිනි නිවන ඒකකය හා පොලීසිය එක්ව ගින්න මැඩපවත්වා තිබේ. ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඉන් සිදුවූ අලාභය ද තක්සේරුකර නොමැත.

මෙම ගින්නෙන් ගුවන්තොටුපලට කිසිදු බලපෑමක් එල්ල වී නොමැති අතර ගුවන් ගමන් කටයුතුවලට ද බලපෑමක් වී නොමැති බව කටුනායක ගුවන්තොටුපල පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *