ඉරානය සමඟ ඇතිකර ගත් න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වන බව ට්‍රම්ප් කියයි

(කොළඹ, ලංකාපුවත්) – ඔබාමා පාලන සමයේ දී ඉරානය සමඟ ඇතිකර ගත් න්‍යෂ්ටික ගිවිසුමෙන් අමෙරිකාව ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර ඇත.

ජනාධිපතිවරයා ඊයේ(08) මේබව සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉරානය සමඟ පැවති ගිවිසුම අහෝසි කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ එම ගිවිසුම ඵලකට නැති දෙයක් බවය.

යුරෝපා රටවල උපදෙස් නොසලකා හරිමින් 2015 වසරේ දී ඇතිකරගත් මෙම ගිවිසුම අහෝසි කිරීමත් සමඟ අමෙරිකාව යළිත් ඉරානයට සම්බාධක පැනවීමට ද සූදානම් බව අමෙරිකා ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *