”ජාතික විගණන පනත් කෙටුම්පත” පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායක පාර්ලිමේන්තුවට කියයි

(කොළඹ, ලංකාපුවත්) –ජාතික විගණන නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලද පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක කරූ ජයසූරිය මහතා අද (09) පාර්ලිමේන්තුවට දැන්වීය.

නිවේදනය,

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ”ජාතික විගණන නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලද පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දැනුම් දීමට කැමැත්තෙමි.

මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්ය සටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු යැයි මම නියෝග කරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *