‘රණමයුර‘ සම්මාන සොරා IRC කාරයෙක්ලු

(කොළඹ, ලංකාපුවත්) – අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ‘රණමයුර‘ සම්මානය සමඟ හිමිවූ පදක්කම සොරා ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් අය අතර නමගිය අපරාධකරුවන් තුන්දෙනෙකු සිටින බව පොලීසිය පවසයි.

මෙයින් එක් අයෙකු 1977 වසරේ සිට අයි ආර් සී ලෙස ලියාපදිංචි වූ අයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

ඔහු මේ බව අනාවරණය කරන ලද්දේ ඊයේ(08) පැවති මාධ්‍ය හමුවකදී ය.

මේ අතර පසුගිය අප්‍රේල් 30 වනදා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයට ගිනි තැබූ පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.එසේම පසුගිය කාලයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනවලින් 95% කට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *