සෞදි කතුන්ට රියදුරු බලපත්‍රයට අවසර

(කොළඹ, ලංකාපුවත්) – සෞදි අරාබියේ කාන්තාවන්ට ලබන මාසයේ සිට එරට තුළ මෝටර් රථ ධාවනයට අවසරය ලැබෙන බව, සෞදි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ඒ අනූව ජුනි 24 වැනිදා සිට රියදුරු බලපත්‍රයක් සදහා අයදුම් කිරීමට සෞදි කාන්තාවන්ට අවස්ථාව සැලසෙන බව වාර්තා වේ.

වයස අවුරුදු 18ට වැඩි ඕනෑම කාන්තාවකට රියදුරු බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට අවස්ථාව සැලසේ. රටපුරා නගර 5ක ඉදිවන රියදුරු පුහුණු පාසලකින් ඔවුන්ට මේ සඳහා අවස්ථාව හිමිවේ.

ලෝකයේ කාන්තාවන්ට රිය ධාවනය තහනම් කළ එකම රට සෞදි අරාබියයි. පසුගිය වසරේ දී මෙම තහනම ඉවත් කරන බව සෞදි රජු පැවසීය.

මෙම කටයුතු සියල්ල පිටුපස හිදිමින් ඔටුන්න හිමි කුමරු මොහොමට් බින් සල්මාන් සෞදි අරාබිය ලෝකයත් සමග ඉදිරියට ගෙන යාමට සුවිශේෂී දායකත්වයක් සපයන බව විදෙස් විචාරකයන් පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *