කෝටියක කුඩු සමඟ තරුණියක් හා සැකකරුවන් දෙදෙනෙක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – වැල්ලම්පිටිය මීතොටමුල්ල ප්‍රදේශයේ සුඛෝපබෝගී තෙමහල් නිවසක් වටලා රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුතු විවිධ මත් ද්‍රව්‍ය තොගයක් සමඟ තිදෙනෙකු ඊයේ (09) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සදහන් කරයි.

ලැබුණු තොරතුරක් මත සිදු කර ඇති මෙම වැටලීමේ දී සැකකාරියක් හා සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 503 ක්, කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 66ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2ක් සහ තවත් මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් තිබුණු බව පොලිසිය පැවසීය. එසේම ජංගම දුරකථන 10ක් හා මුදලින් රුපියල් 74,750ත් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 25ක් වූ මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර සැකකරුවන් දෙදෙනා 29, 41 යන වයස්වල පසුවන මීතොටමුල්ල හා නාගලගම්වීදිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මොවුන්ව අද(10) අළුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කොළඹ අපරාධ කොට්ඨාසය මේ පිළිපද වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *