රත්තරං කිලෝ 02ක් සමඟ පුද්ගලයෙක් ගුවන්තොටේ දී දැලේ

(කොළඹ, ලංකාපුවත්) – තීරු බදු රහිතව දිවයිනට රැගෙන ආ රත්තරං කිලෝ 02ක් සමඟ පුද්ගලයෙක් අද(10) අළුයම් කාලයේ දී කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අද අළුයම 02.05ට පමණ සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපලෙන් මෙරටට පැමිණි අදාළ සැකකරුව ගුවන් තොටුපල පොලිසිය විසින් පරික්‍ෂා කිරීමේ දී ඔහුගේ අත්බෑගයේ තිබී මෙම රත්තරං තොගය හමුව ඇත. ග්‍රෑම් 100 බැගින් අඩංගු රන්බිස්කට් 20ක් ලෙස තිබිය දී මේවා හසුව තිබේ.

සැකකරු 46වැනි වියේ පසුවන මහනුවර ප්‍රදේශයේ පදිංචි අයෙකි.

රේගු පරීක්‍ෂණ සදහා සැකකරුව රේගුවට භාර දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *