පෝලන්තයේ අධිවේගී මඟක චොකලට් බවුසරයක් පෙරළෙයි

(කොළඹ, ලංකාපුවත්) – පෝලන්තයේ අධිවේගී මාර්ගයක ගමන් කළ ද්‍රව චොකලට් බවුසරයක් පෙරළී යාමෙන් සිදු වූ අනතුරකින් ටොන් 12 කට අධික ද්‍රව චොකලට් අධිවේගී මාර්ගය පුරා ගලා ගොස් ඇත.

කඩිනමින් ක්‍රියාත්මක වූ පෝලන්ත පොලීසිය මාර්ගය තාවකාලිකව වසා දමා මාර්ගය යථා තත්වයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

යථාතත්වයට පත් කිරීමේ කණ්ඩායම් වලට වාතයට නිරාවර්ණය වූ ද්‍රව චොකලට් ඉවත් කිරීමට ඉතා අපහසු වූයේ උකු චොකලට් තවත් ඝණ වී තිබීම නිසා බව සදහන් ය. එම කණ්ඩායම්වල එක් නිලධාරියෙක් මේ පිළිබද අදහස් දක්වමින් පවසා ඇත්තේ “සිසිල් චොකලට් හිම වලට වඩා නරකයි” යනුවෙනි.

ඒ මත ගමන් කළ ඉවත් කිරීමේ යන්ත්‍රය පවා වරෙක එරී ගොස් ඇත. අවසානයේදී මාර්ගය සෝදා පිරීසිදු කිරීමට අධිපීඩිත උණු ජලය භාවිතා කොට තිබිණ.

එසේම මෙම අනතුර සිදු වූ ස්ථානයේ පොලිස් නිලධාරීන් සිනා සෙමින් දිගු වේලාවක් මෙම සිද්ධිය බලා සිටි බවද වාර්තා වේ.

මෙම අනතුරෙන් අදාළ චොකලට් බවුසරයේ රියදුරුගේ අතක් බිදී ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *