සිය කැමැත්තෙන් සමුගත් විද්‍යාඥ ඩේවිඩ් ගුඩෝල්

(කොළඹ, ලංකාපුවත්) – තමන්ට මියයෑමට අවශ්‍ය බව පවසා ඊට අවසර ඉල්ලමින්, ස්විට්සර්ලන්තයට ගොස් සිටි 104 හැවිරිදි ඕස්ට්‍රේලියානු විද්‍යාඥ ඩේවිඩ් ගුඩෝල්ට “සහන මරණයක්” ලෙස දිවි නසා ගැනීමට අවසර හිමිවිය.

ලන්ඩනයේ උපත ලබා ඇති මොහු ජෛව හා පාරිසරික විද්‍යාඥවරයෙකි.

ඩේවිඩ් ගුඩෝල් ට මාරක රෝගයක් නොතිබුණු නමුත්, ඔහු තරයේ කියා සිටියේ ඔහුට ජීවත් වෙන්න හේතුවක් නැති බවයි. ඒ නිසා ඔහුට මැරෙන්න අවශ්‍ය බවත්ය. ඕස්ට්‍රේලියාවේ දී එය කළ නොහැකි වුණු හෙයින් ඔහු ස්විට්සර්ලන්තය බලා ගියේ මීට දින කිහිපයකට පෙරය. ඒ, “එක්සිට් ඉන්ටර්නැෂනල්” නමැති ජාත්‍යන්තර සමාගමේ ආධාර සහ සහාය ඇතිවය.

දිවි තොර ගැනීමට විදයාඥවරයාට අවසර ලැබුණු අතර ග්‍රිනිච් වේලාවෙන් 10.30 ට “නෙම්බුටාල්” නමැති විස ශරීරගත කිරීමක් මගින් ඩේවිඩ් ගුඩෝල් දිවියෙන් සමුගත් බව “එක්සිට් ඉන්ටර්නැෂනල්” සංවිධානය පවසයි.

ස්විට්සර්ලන්තයේ සායනයක දී මෙලෙස ඩේවිඩ් ගුඩෝල් දිවියෙන් සමු ගෙන ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *