උඩරට දුම්රිය හදිසි වර්ජනය අවසන්

(කොළඹ, ලංකාපුවත්) – උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන කිහිපයක ස්ථානාධිපතිවරුවන් ක්‍රියාත්මක කළ වර්ජනය අවසන් කර තිබේ.

එම නිළධාරින් මේ වන විට සේවයට වාර්තා කරමින් සිටින බව දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම් අබේවික්‍රම මහතා සඳහන් කළේය.

දුම්රිය සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් දුම්රිය දෙකක් නාවලපිටිය දුම්රිය ස්ථානයේදී අද(11) අලුයම නවතා දැමිමට සිදුව තිබේ.

මේ හේතුවෙන් මගීන් කලහකාරි ලෙස හැසිරිමට විරෝධය පල කරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවා ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *