ඒ.එච්.එම්. ෆවුසි ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ රාජ්‍ය ඇමති ලෙස දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඒ. එච්. එම්. ෆවුසි මහතා ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද (11) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිව්රුම් දුන්නේය.

මේ අතර ජනාධිපති නීතිඥ ආරිය බණ්ඩාර රැකව මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අද පෙරවරුවේ ජනාධිපතිතුමා ඉදිරියේ දිව්රුම් දුන්නේය.

ජනාධිපති නිල නිවසේ දී දිවුරුම් දීම සිදුවූ අතර, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *