කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ආයතන කිහිපයකට නව සභාපතිවරු

(කොළඹ, ලංකාපුවත්) – කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතන 07 න් 03 කට නව සභාපතිවරු පත්කිරීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නිර්දේශ කර තිබේ.

ඒ අනුව ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති වශයෙන් ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නීතීඥ උපාලි මොහොට්ටි මහතා ද, සීමාසහිත ලංකා පොහොර සමාගමේ සභාපති වශයෙන් හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන අමරනාත් අබේගුණසේකර මහතා ද, කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති වශයෙන් ලංකා ධීවර සංස්ථාව හා සීනෝර් ආයතනයේ සභාපති ලෙස කටයුතු කරමින් එම ආයතන දෙක ලාභ ලබන ආයතන බවට පත්කිරීමට දායකත්වය දැක්වූ ජගත් පෙරේරා මහතා ද පත්කර ඇත.

මේ හැර ඉදිරි දින දෙක තුළ කෘෂිකර්ම හා ගොවිජන සේවා මණ්ඩලය, සීමාසහිත පොස්පේට් ලිමිටඩ්, වී අළෙවි මණ්ඩලය සහ හදබිම අධිකාරිය යන ආයතන සඳහා ද සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාපවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *