ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර අදට වසර 33යි

(කොළඹ, ලංකාපුවත්) – අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර අදට(14) වසර 33ක් සම්පූර්ණ වේ.

එදා 1985 මැයි 14 වනදා වෙනදා-මෙන්ම ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට උවැසි උවැසියන් රැසක් පැමිණ සිටියහ.

ඔවුන් වන්දනාමාන කටයුතුවල නිරතවෙමින් සිටියදී පුත්තලම එළුවන්කුලම කැලෑබද ප්‍රදේශයේ කිසිවකුත් නොදත් යමක් සිදු වෙමින් තිබුණි. ඒ හමුදා ඇදුමින් සැරසුණු කොටි ත්‍රස්තයන් පිරිසක් ලංගම බස් රථයකට ගොඩවී එහි රියදුරුත් කොන්දොස්තරත් බස් රථයේ සිටි එකම මගියාත් වෙඩි තබා ඝාතනයකොට එම සිරුරුද රැගෙන අනුරාධපුර පූජා භූමියට පැමිණෙමින් සිටීමය.

එසේ පැමිණි ත්‍රස්තවාදීන් ජය ශ්‍රී මහා බෝධිය වන්දනා මාන කරමින් සිටි මෙහෙනින් වහන්සේ ඇතුලු උවැසි උවැසියන්ට වෙඩි ප්‍රහාර එල්ල කරන ලදි.

උඩ මළුවේත්, පහත මළුවේත් සිටි උපාසක උපාසිකාවන් පමණක් නොව කුඩා දරුවන් ද ඇතුලු 146 දෙනෙකු එහිදී ඝාතනයට ලක්විය. මෙම ප්‍රහාරයෙන් අහිංසක සාමාන්‍ය වැසියන් 85 දෙනෙකු බරපතල තුවාල ලැබුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *