ජාතිවාදී ප්‍රශ්න ඇතිකරන කිසිම කෙනෙකුට රජයෙන් කිසිදු සමාවක් නෑ – ඇමති වජිර

(කොළඹ, ලංකාපුවත්) – පටු දේශපාලන වාසි බලාගෙන ජාතිවාදය අවුස්සන අය නිසා ඇතැම් පුද්ගලයන් ජාතිවාදී ප්‍රශ්න ඇතිකරනවා. අපි රජයක් ලෙස සිංහල බෞද්ධ ජාතිවාදයටත්, මුස්ලිම් ජාතිවාදයටත්, දෙමළ ජාතිවාදයටත් විරුද්ධයි. මේ රටේ සිටිය යුත්තේ එකම ශ්‍රී ලාංකිකයන්. තම තමන්ගේ ආගම් ජාතීන් සංස්කෘතීන් විවිධත්වය ආරක්ෂා කරගත යුතුයි. නමුත් අනිත් ජාතීන්ට එරෙහිව කටයුතු කරනවානම් ඒ අයට කිසිම සමාවක් දෙන්නේ නැහැ. රජයක් ලෙස දැඩි දඬුවම් පමුණුවනවා.” යැයි ස්වදේශ කටයුතු අමාත්යද වජිර අබේවර්ධන මහතා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගියදා (12) කීවේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගිය දා මහනුවර ප්‍රදේශයේ ඇති වූ සිංහල හා මුස්ලිම් කෝලාහලයේ දී නිවාස, ව්‍යාපාර හා ආගමික ස්ථානයන්ට සිදු වූ හානි සම්බන්ධයෙන් වන්දි මුදල් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

මහනුවර දිස්ත්‍රික් ශ්‍රවණාගාරයේ පැවැති මෙම වන්දි ප්‍රදානයේ දී ප්රූතිලාභීන් 280 දෙනකු සඳහා රුපියල් 8,861,000.00 ක මුදලක් ප්‍රදානය කෙරිණි.

එහි දී රුපියල් ලක්ෂයකට අඩු වන්දි මුදලකට හිමිකම් කියන අය සඳහා මුදල් ප්‍රදානය සිදුකෙරුණු අතර ඒ මෙලෙස රජයෙන් වන්දි ප්‍රදානයන් කළ දෙවැනි අවස්ථාවයි.

මේ අවස්ථාව සඳහා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා තැපැල් හා මුස්ලිම් කටයුතු අමාත්‍ය ඒ.එම්.එච්.ඒ.හලීම් මහතා, මධ්‍යම පළාත් අමාත්‍ය තිළිණ බණ්ඩාර මහතා ඇතුළු මැති ඇමැතිවරු ද, ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් නීතිඥ එස්.ටී.කොඩිකාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක්ද සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *