දූවිලි කුණාටුවක් හා අධි වැස්සෙන් දිල්ලියේ 40ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රබල සුළි කුණාටුවක් උතුරු ඉන්දියාවට දෙසට කඩා වදිනු ඇතැයි අනතුරු අඟවා දින කිහිපයකට පසු ඊයේ(13) එරට නවදිල්ලි නුවරට දූවිල කුණාටුවක් කඩා වැදුණේය. දූවිලි කුණාටුවෙන් පසු ධාරාණීපාත වර්ෂාවක් ඇද හැලුණු බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර ඇත.

මේ හේතුවෙන් පුද්ගල මරණ 40ක් වාර්තා වී ඇතැයි එන්ඩීටීවී පුවත් සේවය වාර්තා කර තිබේ.

දූවිලි කුණාටුව සහ ධාරාණිපාත වර්ෂාව නිසා ගුවන් යානා 70ක් පමණ හරවා යෑමට සිදු වූ බව ද වාර්තාවේ. නවදිල්ලියේ ‘ඉන්දිරා ගාන්ධි’ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කටයුතු පැය කිහිපයකට නවතා දැමීමට ද සිදුව තිබුණි. දිල්ලියේ දුම්රිය ගමන් ද නවතා දමා තිබූ අතර මේ වනවිට දුම්රිය ගමන් යථා පරිදි සිදුවන බව සදහන් ය.

ප්‍රබල සුළි කුණාටුවක් හමා යනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා කාර්යාලය පසුගිය සතියේදී ප්‍රාන්ත 13කට අනතුරු ඇඟවීය. නවදිල්ලි නුවර, චන්දිගාර් සහ හර්යානාහි පාසල් වසා දැමීමටත් අමතර පොලිස් කණ්ඩායම් සහ හදිසි සේවා සීරුවෙන් තැබීමටත් ඉන්දීය බලධාරීන් කටයුතු කර තිබිණි.

මේ අතර ඉදිරි පැය 48 ත් 72 ත් අතර කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වන විට ගිගුරුම් සහිත වැසි ඇති වන බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *