මෙරට ආයෝජන ප්‍රමාණය සහ අපනයන ආදායම ඉදිරියේ දී අඛණ්ඩව ඉහළට – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – මෙරට වැඩිම ආයෝජන ප්‍රමාණය සහ අපනයන ආදායම වාර්තා කිරීමට හැකි වූයේ 2017 වසරේදී බවත්, මේ තත්ත්වය මින් ඉදිරියට අඛණ්ඩව වර්ධනය වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (14) අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයක දී පැවසීය.

පසුගිය වසරේ දී ඩොලර් මිලියන 1900 ක පුද්ගලික ආයෝජන ලබාගැනීමට හැකි වූ බව පැවසූ අගමැතිවරයා මෙවැනි ආයෝජනයක් මීට පෙර පෞද්ගලික, සේවා සහ නිෂ්පාදන අංශවලට ලබා ගැනීමට නොහැකි වූ බව සිහිපත් කළේය.

රාජ්‍ය කළමනාකරණ සේවය සඳහා බඳවා ගත් නව නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම නිමිත්තෙන් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ උත්සවයක දී මේ බව සඳහන් කළ අග්රා්මාත්යු රනිල් වික්රශමසිංහ මහතා එහිදී තවදුරටත් මෙසේ ද කීය.

“රජයේ කළමනාකරණ සහකාර සේවයට අද ඔබ සියළු දෙනාම ඇතුළත් වුණා. එම පත්වීම් ලබාගැනීමෙන් අනතුරුව අද සිට ඔබ රජයේ සේවයට ඇතුලත් වෙනවා. ඔබ රජයේ සේවයට ඇතුළත් වනවා යනු ජනතා සේවයට කැපවෙනවා යන්නයි. මෙම අමාත්‍යංශය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ලෙස හඳුන්වන්නේත් එම නිසයි. රාජ්‍ය පරිපාලන සේවයෙන් යහපතක් සිදුවන්නේ රටේ ජනතාවටයි. එහි ක්‍රියාත්මක වන්නේ රටේ වත්මන් පාලකයාගේ හෝ ආණ්ඩුවේ පාලනය නොවේ. එය ඇත්ත වශයෙන්ම තිබෙන්නේ ජනතාව වෙනුවෙනුයි. පරිපාලන සේවා මඟින් සිදුවන්නේ ආණ්ඩුව සහ ජනතාව අතර සම්බන්ධතාවයක් ගොඩනැගීමයි.

ඔබ වැනි කළමනාකරණ සහකාරවරුන් නොමැතිව එම යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ නොහැකියි. එම නිසා එම වැඩකටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යාම සඳහා මම ඔබට සුබ පතනවා.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *