ෆේස්බුක් සාදයක මත්කුඩු සමඟ තරුණ තරුණියන් 07කට මාංචු

(කොළඹ, ලංකාපුවත්) – හික්කඩුව – වෑවල ප්‍රදේශයේ හෝටලයක් තුල අන්තර්ජාලය ඔස්සේ (ෆේස්බුක්) සම්බන්ධ කරගත් තරුණ තරුණියන් පිරිසක් එක් පැවැත්වූ සාදයක කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග තරුණ තරුණියන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මීටියාගොඩ පොලීසියට ලද තොරතුරක් මත කරන්දෙනිය හා බද්දේගම යන පොලිස් ස්ථානවල නිලධාරීන් එක්ව ගාල්ල අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත ඊයේ(13) අලුයම 01.00ට පමණමෙම ස්ථාන වටලා පිරිමි හා කාන්තාවන් පරීක්ෂාවට ලක් කර තිබේ.

එහිදී ගංජා සහ විෂ මත්ද්‍රව්‍ය අඩංගු යැයි සිතිය හැකි ලොලි පොල් 16ක්, ගංජා ග්‍රෑම් 09ක්, කොකේන් මිලි ග්‍රෑම් 50ක් මෙම සැකකරුවන් සතුව තිබී හමුව ඇත. ඔවුන් අවුරුදු 19 හා 25 අතර වයස්වල පසුවන්නන් වේ. තවත් පුද්ගලයින් 12 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගැනුණු අතර පොලිස් ඇප මතා මුදා හැර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා හා සැකකාරියන් තිදෙනා ඊයේ (13) ගාල්ල අධිකරණයට ඉදිරිපත් කළ අතර එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදා හැර ඇත.

නැවත මෙම සැකකරුවන් ලබන 21 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. හික්කඩුව පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *