අනුරුද්ධ පොල්ගම්පොල රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) –අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොල මහතා ලබන 18 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසකොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(16) නියෝග කළාය.

සැකකරු ලබන සිකුරාදා කිළිනොච්චි අධිකරණයේ සැකකරුට එරෙහිව පවරා ඇති නඩුව සඳහා ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් වරිය නියෝග කළාය.

උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී සිදුවූ මිලියන 8 ක මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (15) රාත්‍රියේදී පොල්ගම්පොල මහතා අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *