දුර්ලභ නිල් දියමන්තියක් ඩොලර් මිලියන 6.7 කට වෙන්දේසි වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ජිනීවා හි පැවති වෙන්දේසියක දී දුර්ලභ ඝනයේ නිල් දියමන්තියක් අමෙරිකා ඩොලර් මිලියන 6.7 කට අලෙවි වී තිබේ.

මෙම නිල් දියමන්තිය වසර 300 ක් යුරෝපා රටවල රාජකීයයන්ට අයත්ව තිබුණු එකක් බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

මෙම දියමන්තිය 1715 වසරේ දී පර්මා හි ආදිපාදිවරයෙකුගේ දියණියක වූ එළිසබෙත් ෆර්නීස්ගේ විවාහය සඳහා ත්‍යාගයක් ලෙස ලබාදී ඇති බව සදහන් වේ. මෙම නිල් දියමන්තිය පරම්පරා 7 ක් පුරා හුවමාරු වී තිබේ.

ස්පාඤ්ඤයේ සිට ප්‍රංශයටත්, ඉතාලියේ සිට ඔස්ට්‍රියාවටත් එය හුවමාරු වී ඇත.

මෙම නිල් දියමන්තිය හමුවී තිබෙන්නේ ඉන්දියාවේ ප්‍රසිද්ධ ගොල්කොණ්ඩා පතලෙන් ය.

දියමන්ති වෙන්දේසිය සංවිධාන කළ තැනැත්තන් මෙහි වටිනාකම ඇස්තමේන්තු කර ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 3.5 සිට මිලියන 05 දක්වා වූ වටිනාකමකට ය.

කෙසේ වෙතත් මෙම නිල් දියමන්තියේ නව හිමිකරු පිළිබඳ තොරතුරු හෙළිකර නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *