වායුගෝලයේ කැළඹීමක් නිසා දකුණු අර්ධයට වැසි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළින් බරව පවතින අතර වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව දිවයිනේ බොහෝ පළාත්වල, විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර සහ දකුණු පළාත්වලත්රත්නපුර, මඩකලපුව, අම්පාරසහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති වේ.

ඇතැම් ස්ථානවලට, විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, දකුණු,ඌව, බස්නාහිර සහ වයඹපළාත්වලත්, අම්පාර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් මි.මී.100ක පමණ තද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *