කිලිනොච්චියේ අධ්‍යාපන කටයුතු නැංවීමට ඩොලර් මිලියන 7.5 ක්

(කොළඹ, ලංකාපුවත්) – කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අධ්‍යාපනික පරිසරය වැඩිදියුණු කිරීම සඳහා 2011 වර්ෂයේ සිට, කොරියාවේ ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (KOICA) විසින් දිස්ත්‍රික්කයේ පාසල් ගණනාවක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සහයෝගය ලබා දී ඇත.

එම කටයුතු තවදුරටත් සිදු කිරීම සදහා අමෙරිකා ඩොලර් මිලියන 7.5 ක් කොරියාවේ ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය ලබා දී තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා දෙරට අතර ගිවිසුමට කොයිකා දේශීය අධ්‍යක්ෂ ලී ඩොන් කූ, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත රත්නායක යන මහත්වරුන් විසින් අත්සන් කරන ලදී. මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය එස්. රාධාක්‍රිෂ්නන් මහතා ද එක් විය.

විශේෂයෙන් ම විනාශ වූ යටිතල පහසුකම් යළි ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය පශ්චාත් යුද කාලීන ප්‍රතිසංන්ධාන ප්‍රයත්නය තුළ අභියෝගයට ලක් වුණි.

යටිතල පහසුකම් ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සැපයීමේ වැදගත් කම කොයිකා ආයතනය විසින් හදුනාගෙන තිබේ. ඒ අනුව 2011 දී ඔවුන් කිලිනොච්චියේ අධ්‍යාපන පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය දියත් කරන ලදි.

මෙම ව්‍යාපෘතිය මගින් යටිතල පහසුකම් සංවර්ධනය, ගුරු පුහුණුව සහ ප්‍රජා දැනුවත් කිරීම් ක්‍රියාකාරකම් පිළිබඳ අවධානය යොමු කරනු ඇත. ව්‍යාපෘතියේ ඉලක්ක‍ සපුරා ගැනීම සදහා යටිතල පහසුකම් සංවර්ධනය ඉක්මවා යමින් දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය තුළ දෙමාපියන්ගේ සහාය ද ඒ සදහා ලබා ගැනීමට කටයුතු කරනු ලැබේ.

මෙම ව්යාපෘතිය තුළින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සැලකිය යුතු දියුණුවක් ලබනු ඇති බව දෙකායිකා ශ්‍රී ලංකා කාර්යාලය විශ්වාස කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *