කොස්ගොඩ දී විදේශිකයෙකුට වෙඩි තැබීමේ සැකකරු අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – කොස්ගොඩ සිදුවූ පුද්ගල ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ දී ඇල්පිටිය කොට්ඨාස නීතිය බල ගැන්වීමේ එක්කය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මොහු අත්අඩංගුවට ගැනුණේ, කොස්ගොඩ සංචාරක හෝටලයක් අසළදී වාහනයකින් ගමන් කරමින් සිටි විදේශ ජාතික පුද්ගලයෙකුට හා තවත් පුද්ගලයෙකුට ගිනි අවියකින් වෙඩි තබා බරපතල තුවාල සිදුකර මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීටම තැන් කිරීමක් සම්බන්ධයෙනි. මෙම වෙඩි තැබීමේ සිද්ධිය සිදුව ඇත්තේ පසුගිය අප්‍රේල් මස 04වනදා ය.

සමන්ත චන්ද්‍රලාල් නොහොත් ප්‍රෙඩි නමැති අදාළ සැකකරු 39 හැවිරිදි ඌරගස්මංහදිය පදිංචිකරුවෙකි.

ඔහු සතුව තිබී ටී56 ගිනි අවියක්, ජීව උණ්ඩ 30ක් සහිත පතොරොම් ගැබ් 01ක්, අපරාධ සඳහා යොදා ගත් යතුරුපැදියක්, ජංගම දුරකථන 03ක්, කැමරාවක් හා විදෙස් ගමන් බලපත්‍රයක් ද සොයා ගෙන ඇත.

සැකකරු කලක් යුධ හමුදාවේ සේවය කර පළා ගිය අයෙකු වන අතර, මොහු දැනට විදේශ ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතම හිතවතකු බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සෘජුවම සම්බන්ධ අයෙකු බවටත් කරුණු අනාවරණය වී තිබේ.

සැකකරු අද(18) බලපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය අතර අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *