කොළඹ මීටර් රථගාල්වලින් අය කරන දඩ නවත්වයි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගර සීමාවේ රථ ගාල්වල සවිකර ඇති මීටර් මඟින් ගාස්තු නොගෙවීමේදී අය කරන දඩ මුදල් නැවැත්වීමට තීරණය කර ඇත.

ඒ අනුව කොළඹ මහ නගර සභාවේ අනුමැතියට යටත්ව මෙම දඩ මුදල් අය කිරීම් අත්හිටුවීමට කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය විසින් නාගරික කොමසාරිස්වරයා වෙත උපදෙස් ලබාදී තිබේ.

මේ සම්බන්ධයෙන් නගරාධිපතිනිය සිය ට්විටර් ගිණුමේ ද සටහනක් තබා ඇත.

අදාළ දඩ මුදල් පිළිබඳ ජනතාවගෙන් ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව එහි දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *