19වනදා විශේෂ රථවාහන සැලැස්මක්

(කොළඹ, ලංකාපුවත්) – ජාතික රණවිරු අනුස්මරණ දිනය වෙනුවෙන්හෙට(19) විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසයි.

රණවිරු අනුස්මරණ දින සැමරුම හෙට(19) පස්වරු 2.00 සිට රාත්‍රී 7.00 දක්වා පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය ආසන්නයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව පාර්ලිමේන්තුව සහ ඒ අවට ප්‍රදේශවල විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තු මාර්ගයේ කියන්නෑම් මංසන්දිය දක්වා වාහන ගමනාගමනය සිදුකෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ඒ අනුව කොළඹ සිට පොල්දූව මංසන්දිය හරහා කියන්නෑම් හංදිය දක්වා ගමන් කරන සියලු වාහන පොල්දූව මංසන්ධියෙන් බත්තරමුල්ල දක්වා ගමන් කර ඉන් දකුණට හැරී පන්නිපිටිය කොට්ටාව ප්‍රධාන මාර්ගයට ඔස්සේ ගොස් සිය ගමනාගමන පහසුකම් සලසා ගැනීමට හැකියාව පවති.

කෙසේවෙතත් ජපන් මිත්‍රත්ත්ව පාර මංසන්ධිය, පාලම් තුන මංසන්ධිය, පැලවත්ත මංසන්දිය, බදුල්ල මංසන්ධිය සහ කිඹුලාඔය මංසන්දිය අවට සාමාන්‍ය පරිදි ගමනාගමනයට විවෘතව තබන බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *