පළතුරු ගම්මාන පිහිටුවීමට අවධානය

(කොළඹ, ලංකාපුවත්) – දේශීය කෘෂිකර්මාන්තය මෙන්ම ගොවියා ආරාක්ෂා කරගැනීමේ අරමුණින් ඉදිරියේ දී පළතුරු ගම්මාන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ගම් මට්ටමින් පළතුරු සහ එළවලු වගා කිරීමට උපරිම උත්සාහායක් යොදනවා. එමෙන් ම මෙම පළතුරු හා එළවළු එකම ස්ථානයකින් මිලදී ගැනීමට හැකිවන ආකාරයෙන් වැඩපිළිවෙලක් පිළිබඳව අවධානය යොමු කොට
තිබෙනවා.

සෑම ගෙවත්තකම තමන්ට අවශ්‍ය එළවළු හා පළතුරු වගාකරගන්න කටයුතු කරන්න.එය වස විෂ නති වගවක් බවට පත් කරගන්න උත්සහ කරන්න.ඉදිරියේ දී හොඳ ගෙවත්ත තේරීමේ තරඟ සංවිධානය කරනවා. එමෙන් ම
කොස් පැල, මුරුංගා පැල, කතුරුමුරුංගා පැල ලබාදීමට කටයුතු කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා ඊයේ (21) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මේ අඳහස් පළ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *