විපතට පත්වූවන්ට සහන සැලසීමට වහා මුදල් නිකුත් කරන්න – මුදල් ඇමතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – මේ දිනවල පවත්නා අධික වර්ෂාව හා ඒ හේතුවෙන් ඇතිවූ ජල ගැල්මෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමට හැකිවන පරිදි අවශ්‍ය තරම් මුදල් වහා ලබාදෙන්නැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් වෙත අද (22) උපදෙස් දුන්නේය.

මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 11 ක පවුල් 3,438 කට අයත් 13,314 දෙනෙකුට අධික පිරිසක් ආපදාවට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිවේදනය කර තිබිණි.

මේ අනුව මෙම ස්වභාවික ආපදාවෙන් විපතට පත්වූ ජනතාවට දිස්ත්‍රික් මට්ටමින් සහන ලබාදීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා දිසාපතිවරුන්ගෙන් ලැබෙන ඉල්ලීම් පරිදි අදාළ අංශ වෙත වහාම මුදල් නිකුත් කිරීමට කටයුතු කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *