ලෙස්ටර්ගේ සම්මානය සොරකම් කළ සැකකරුවෙකු හඳුනාගැනේ

(කොළඹ, ලංකාපුවත්) – ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ යාවජීව ප්‍රණාම සම්මානය හා ජංගම දුරකථනය සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ හදුනාගනු ලැබීය.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හදූනාගැනීමෙ පෙරෙට්ටුව සදහා ඉදිරිපත් කළ අතර එහිදී සාක්ෂිකරුවන් විසින් එක් සැකකරුවකු හදුනාගෙන ඇත.

පරීක්ෂණ තව දුරටත් පැවැත්වෙන බැවින් සැකකරුවන් රිමාන්ඩ් භාරයේ තබන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි සැකකරුවන් හය දෙනා අතුරින් එක් සැකකරුවකු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහැරීමට නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා සෙසු සැකකරුවන් පස් දෙනා ලබන 04 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කර ඇත.

සොරාගන්නා ලද සම්මානය එහි හිමිකාරිය වෙත මුදාහරිනු ලෙසද අධිකරණය වැඩිදුරටත් නියම කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *