(කොළඹ, ලංකාපුවත්) – දකුණු පළාතේ පැතීරියන වෛරස් උණ රෝගය පිළිබදව තවදුරටත් සොයා බැලීම සදහා වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් දකුණු පළාතට යොමු කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ අනිල්දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ වෛද්‍ය කණ්ඩායමක් පසුගිය දින වල ද එම ප්‍රදේශවල සංචාරය කරමින් මෙම රෝගී තත්ත්වය පිළිබදව පරික්ෂණ පවත්වන ලදි.
ඊයේ (21) දිනයේ ද තවත් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගය සහ රෝගීන් නිරීක්ෂණය කිරිම සදහා එම ප්‍රදේශයේ සංචාරයක නිරතව තිබේ.
වෛරස් උණ රෝගය ව්‍යාප්තිය පාලනය කිරිම සදහා ගත හැකි ක්‍රියාමාර්ග පිළීබදව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වනේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවක් ඊයේ (21) පැවැත්විණි. එහිදී දකුණු පළාතේ රෝහල් වලට අවශ්‍ය ඖෂධ වර්ග සහ උපකරණ කඩිනමින් යොමු කිරීමටත්, තීරණය විය.
මෙම වෛරසයට ගොදුරුව කුඩා ළමයින් සහ වැඩිහිටියන් කිහිප දෙනෙකු මිය ගියා. සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ කරාපිටිය, මාතර, ඇල්පිටිය, කඹුරුපිටිය, තංගල්ල සහ වලස්මුල්ල යන රෝහල්වල වෛරසය ආසාදිත වූ රෝගීන් හයසිය දෙනෙකු පමණ ප්‍රතිකාර ලබන බවයි.