(කොළඹ, ලංකාපුවත්) –අධික වැසි සමග ජල ගැල්මෙන් පීඩාවට පත් ප්‍රදේශවල සිටින විදුලි ඉංජිනේරුවන් අකුරට වැඩ කිරිමේ වෘත්තීය ක්රියාමර්ගයෙන් ඉවත් වන ලෙසට විදුලි ඉංජිනේරු සංගමය දැනුම් දී ඇත.
විදුලිබල මණ්ඩලය මගින් ඉදිරිපත් කරන ලද දිර්ඝකාලීන ජනන සැලැස්ම මහජන උපයෝගීතා කොමිසම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව විරෝධය දක්වා විදුලි ඉංජිනේරු සංගමය සති 02ක කාලයක් තිස්සේ අකුරට වැඩ කිරිමේ වෘත්තිය ක්‍රියාමර්ගයක නිරත වේ.
ආපදාවලට පත්වී සිටින දිස්ත්‍රික්ක 14 ක විදුලි ඉංජිනේරුවන් වහාම ක්‍රියාත්මක වන පරිදි වෘත්තිය ක්‍රියාමාර්ග වලින් ඉවත් වන ලෙසට දැනුම්දී ඇතැයි විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසීය.
කෙසේ නමුත් අනෙකුත් දිස්ත්‍රික්කවල වෘත්තිය ක්‍රියාමාර්ගය දිගටම ක්‍රියාත්මක වේ.