විදේශගත ශ්‍රමිකයින්ට රුපියල් කෝටි 06ක රක්ෂණ වන්දියක්

(කොළඹ, ලංකාපුවත්) – විදේශ ගත ශ්‍රමිකයින් සදහා ලබාදෙන රක්ෂණ වන්දි පහසුකම් යටතේ මෙම වසරේ පළමු මාස හතර තුළදී රුපියල් කෝටි හයක වන්දි මුදල් ප්‍රදානය කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඒ අනුව හදිසි අනතුරු සහ රෝගී තත්වයන් නිසා මරණයට පත්වූ විගමණික ශ්‍රමිකයින් සදහා රුපියල් මිලියන 34.41ක වන්දි මුදලක් ප්‍රදානය කර ඇත. විදෙස් රටක සේවය කරමින් සිටියදී හෝ සේවය කරන අතරවාරයේදී අසනීප තත්වයක් මත මෙරටට පැමිණ මාස තුනක් ඇතුළත මිය ගිය අය සදහා මෙම වන්දි මුදල ප්‍රදානය කර තිබෙන බව කාර්යාංශය සදහන් කරයි.

විවිධ රෝගාබාධයන්ට සහ හිංසාවන්ට ලක්වූ පුද්ගලයින් 623 දෙනෙක් සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රක්ෂණය යටතේ රුපියල් මිලියන 25.58ක මුදලක් ලබාදී ඇත. වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සදහා මෙම මුදල ලබාදී ඇතැයි එම කාර්යංශය සදහන් කරනු ලැබේ.

පසුගිය වසර දෙකේදී රක්ෂණ වන්දි ලෙස රුපියල් මිලියන 292.88ක මුදල් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබාදී ඇත. 2016 වසරේදී හදිසි අනතුරු හා රෝගාබාධ නිසා මරණයට පත්වූ සහ රෝගී තත්වයන් මත ප්‍රතිකාර ලබන විදේශගත ශ්‍රමිකයින් සදහා රුපියල් මිලියන 180.89ක මුදලක් ලබාදී ඇත. 2017 වසරේදී ලබාදී ඇති මුදල රුපියල් මිලියන 111.99කි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සදහා පිටත්ව යන සියලුම ශ්‍රමිකයින් සදහා රක්ෂණ ක්‍රමයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් හදුන්වාදී ඇත.

විදේශ ගත ශ්‍රමිකයින්ගේ සුරක්ෂිතභාවය සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංවී විදේශ ගතවන්නැයි විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *