(කොළඹ, ලංකාපුවත්) – නිට්ටඹුව පොලිස් වසමේ හත්වඩුන්න ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කළ මවකට සහ ඇයගේ පුතාට අද(24) දහවල් 12.55 ට පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මොවුන් දෙදෙනාට වෙඩි තබා පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මව සහ යතුරු පැදිය පැදවු පුතා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇත.
රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වයස අවුරුදු 53ක් වු දුමුන්නේගෙදර, කල්එළිය යන ලිපිනයේ පදිංචි රාමනායක පතිරණලාගේ විනීතා පද්මිණි යන කාන්තාව මිය ගොස් තිබේ.
වයස අවුරුදු 26 ක් වු ඇයගේ පුතා වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබයි.
වෙඩි තැබූවන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර නිට්ටඹූව පොලීසිය මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.