ආපදා මරණ ගණන 16දක්වා ඉහළට-127,913ක් අවතැන්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ දිස්ත්‍රික්ක 19 කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් එක් ලක්ෂ 127,913ක් පමණ පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එසේම මේ වන විට පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇති අතර එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇත.

මේ අතර පුත්තලම දිස්ත්‍රික්කයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් තබ්බෝව වැවේ වාන් දොරටු 20ම අලුයම විවෘත කෙරුණි.

මේ හේතුවෙන් තබ්බෝව අංක 01 තම්බපණ්ණි ගම්මානය මුළුමනින්ම ජලයෙන් යටව තිබෙන අතර ආපදාවට ලක් වූ පිරිස් බේරාගැනීම සඳහා ගඟේවාඩිය නාවික හමුදා කඳවුරේ හා තබ්බෝව යුධහමුදා කඳවුරේ නිලධාරීන් පියවර ගෙන තිබේ.

මේ අතර තබ්බෝව ජලාශයේ ජලය ගලා යන මී ඔයේ පහළ කොටසේ පදිංචිකරුවන් ද අවධානයෙන් පසුවිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *