යාපනයය මුහුදේ අතුරුදන්වූ ධීවරයන් සොයා මෙහෙයුමක්

(කොළඹ, ලංකාපුවත්) –යාපනය, කුරිකට්ටුවාන් මුහුදේ මසුන් පන්න කිරීම සඳහා බෝට්ටුවකින් ගිය පුද්ගලයින් තිදෙනෙකු අතුරුදන්වී තිබේ.

ඔවුන් ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් ඇත්තේ, පසුගිය 26 වැනිදා පස්වරු 1.45ට පමණය. ධීවරයින් පිරිස ඊයේ පස්වරු 7.00ට පමණ දුරකථන ඇමතුමක් ලබා දී මුහුද ඉතා රළු බව දැනුම් දී තිබේ.

මුහුදු ඉතා රළු බවත්, නාගදීප නාවික හමුදා කදවුරට ඒ බව දැනුම් දෙන ලෙසත් නිවැසියන්ට දන්වා ඇති බව පොලීසිය සදහන් කළේය.

මෙම ධීවරයින් සොයා යාපනය පොලීසිය, නාවික හමුදාවේ සහය ඇතිව මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත. අතුරුදන්ව ඇත්තේ නෝනිස් මැල්කම්, සෙබමාලෙයි ඇලෙක්ස් හා කරිකර කුමරන් රූබන් යන ධීවරයින් තිදෙනාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *