අන්තර් ජාලය ඔස්සේ මුද්දර ඇණවුම් කිරීමේ සේවාව අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – තැපැල් දෙපාර්තමේන්තුවේ, මුද්දර කාර්යාංශය මඟින් අන්තර් ජාලය මඟින් ඇණවුම් කර ගෙන්වා ගැනීමේ සේවාව ආරම්භ කරනු ලැබුනි.

ඒ අමාත්‍ය එම්.එච්.ඒ හලිම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 24වනදා ය.

මේ අනුව අන්තර්ජාලය ඔස්සේ මුද්දර සහ ඒ ආශ්‍රිත අයිතම ඇණවුම් කර ගෙන්නා ගැනීමට හැකි වේ. ඒ අනුව ක්‍රෙඩිට් කාඩ්, ඩේබිට් කාඩ් භාවිතයෙන් මෙම ගෙවීම සිදු කළ හැකි වේ. එසේම ජංගම දුරකථන මෘදුකාංගයෙන් ද (Mobile App) මුද්දර මිලදී ගත හැකි ද වනවා.

මීට අමතරව නව සාමාජික ගිණුම් (Standing orders) ආරම්භ කිරීම, ඒ සඳහා මුදල් ගෙවිම ආදී සේවා රැසක් නිවසේ සිටම සිදු කර ගැනීමේ හැකියාව මේ ඔස්සේ උදා වේ.

මෙම අවස්ථාව සඳහා තැපැල්, තැපැල් සේවා අමාත්‍යංශයේ ලේකම් ආර්.එම්.ඩී.බි. මිගස්මුල්ල, තැපැල්පති රෝහණ අබේරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *