විදේශගත වන්නන්ට විදේශ කටයුතු අමාතයංශයෙන් විශේෂ දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ශ‍්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ නේවාසික ශ‍්‍රී ලංකා දූත මණ්ඩල හෝ කොන්සල් කාර්යාල පිහිටා නැති අවධානමක් සහිත රටවල රැකියා සඳහා පිටත්ව යාමේ දී සැළකිලිමත් වන ලෙස දැනුම් දෙමිනි.

සෝමාලිලන්තයේ අතරමංව සිටි ශ‍්‍රී ලංකිකයන් 12දෙනෙකු ගෙන්වා ගැනිමට විදේශ අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. ඒ සංක‍්‍රමණ පිලිබඳ ජාත්‍යන්තර සංවිධානයේ සහයෝගයෙනි.

එහි ශ‍්‍රී ලංකා දූත මණ්ඩලයක් හෝ කොන්සල් කාර්යාලයක් පිහිටා නොමැත. ඒ හේතුවෙන් සංක‍්‍රමණික ජාත්‍යන්තර සංවිධානයේ මැදිහත්වීමෙන් ශ‍්‍රී ලාංකිකයන් ගෙන්වා ගන්නා බව විදේශ අමාත්‍යාංශය පැවසීය. සේවා යෝජකයා සමඟ ඇතිකර ගත් කම්කරු ආරවුලක් හේතුවෙන් ඔවුන්ව සේවයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *