උතුරු ඉන්දියාවේ අයහපත් කාලගුණය හා අකුණු නිසා 48ක් මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – උතුරු ඉන්දියාවට මේ දිනවල බලපා ඇති අන්තර් මෝසම් කාලගුණය හේතුවෙන් සදුදා සිට මේ දක්වා අකුණුසැර වැදී පුද්ගලයින් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බිහාර්, උත්තර් ප්‍රදේශ් සහ ජාර්කන්ද් යන ප්‍රාන්තවලට මෙම ආපදා තත්ත්වය බලපා ඇති බව සඳහන්ය.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ 16 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇත. ඉන්දියාවේ සුළි කුණාටු හේතුවෙන් අප්‍රේල් සහ මැයි මාසවලදී පුද්ගලයින් දෙසිය දෙනෙකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්විය. කුණාටුවලින් වැඩිම බලපෑමක් එල්ල වුණේ ග්‍රාමීය ප්‍රදේශවලටය.

ඉන්දියාවට බලපා ඇති මෝසම් කාලගුණය ඉදිරියටත් පවතින බව එරට කාලගුණ අංශ පවසා තිබේ.

වර්ෂාව පවතින කාලයන් හිදී ඉන්දියාවේ අකුණු අනතුරු බහුලව සිදුවන අතර 2005 වසරේ සිට මේ දක්වා වාර්ෂිකව පුද්ගලයින් 2000 ක පමණ පිරිසක් අකුණු අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන බව එරට බලධාරීන් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *