දින දෙකක් තද සුළං – ධීවරයන්ට අනතුරු ඇඟවීමක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං තත්වය හෙට (31) දින දක්වා බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී 50-60 දක්වා තද සුළං ද සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී.50 දක්වා තරමක් තද සුළං ද ඇති විය හැකිය.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං තත්වයේ වැඩි වීම තවදුරටත් බලාපොරොත්තුවේ.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 35-45 ක් පමණ වේ.

මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකළපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70 දක්වා වැඩිවිය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකිය.

මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ රළු විය හැක.

ධීවර සහ නාවුක ප්‍රජාවට මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *