රුසියා මාධ්‍යවේදියෙකුට යුක්රේනයේදී වෙඩි තබා ඝාතනය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – රුසියානු මාධ්‍යවේදියෙකුවන ආර්කේඩි බැබ්චෙන්ගෝ හට යුක්රේනයේදී වෙඩි තබා ඝාතනය කර තිබේ.

බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත්තේ යුක්රේනයේ කියෙව් නගරයේ පිහිටි නිවස ආසන්නයේදී මෙම ඝාතනය කර ඇති බවය.

2016 වර්ෂයේදී රුසියා හමුදා ගුවන් යානයක් කඩා වැටීම පිළිබද විවිධ ලිපි පළ කිරීමත් සමග ඔහුට මරණ තර්ජන එල්ල වූ බවට ද වාර්තා විය. ඒ හේතුවෙන් ඔහු සිය මව්රට අතහැර ආ බව සදහන් වේ.

ඔහු පුටින් විරෝධියෙකු ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම ඝාතනය පිටුපස රුසියාව සිටින බවට යුක්රේන අගමැතිවරයා චෝදනා කර ඇතැයි ද බීබීසී පුවත් සේවයේ සදහන් වේ.

මේ සම්බන්ධව එරට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *