ගෝලීය මධ්‍යසාර ප්‍රතිපත්ති සමුළුව ලබන වසරේදී ශ්‍රී ලංකාවේදී

(කොළඹ, ලංකාපුවත්) – ගෝලීය මධ්‍යසාර ප්‍රතිපත්ති සමුථව ලබන වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර තිඛෙන අතර ඊට අදාළ ගිවිසුම ඊයේ(30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

මෙම සමුථව පසුගිය වසරේදී ඔස්ටේ්‍රලියාවේ මෙල්බන් නුවරදී පැවැත්වුණු අතර රාජ්‍ය නායකයා ලෙස මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගෙන ඇති සුවිශේෂී පියවර අගයමින් 2019 වසරේදී එය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් සහ මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පුබුදු සුමනසේකර යන මහත්වරුන් විසින් අදාළ ගිවිසුම ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *