වවුනියාවේදී බිළිඳෙකු පැහැර ගනියි

(කොළඹ, ලංකාපුවත්) – වවුනියාව – ටොනිකල් ප්‍රදේශයේ ගුඩ්ෂෙඞ් පාරේ පිහිටි නිවසකදී අද (31) අලුයම මාස 8 ක බිළිඳෙකු කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි වවුනියාව පොලිසිය පැවසීය.

අළුයම වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් බලහත්කාරයෙන් නිවසට කඩා වැදී අදාළ දරුවා පැහැරගෙන ගොස් ඇති බවට මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

මෙම බිළිඳාගේ මව සහ පියා වෙන්ව වාසය කරන බැවින් බිළිඳාගේ පියා විසින් මෙම පැහැරගැනීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි.

දරුවා පැහැරගෙන ගිය කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ මෙහෙයවන බව පොලිසිය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *