කුරුදුවත්තේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්

(කොළඹ, ලංකාපුවත්) – කුරුදුවත්ත පොලිස් වසමේ රොස්මිඩ් පෙදෙසෙහි අංක 27 දරණ ස්ථානයේ මහල් 03ක ගොඩනැගිල්ලක මැද මහලේ කාමරයක් තුළ හදිසි ගින්නක් ඇතිව තිබේ.

පොලිසිය සදහන් කරන ලද්දේ අද(05) අළුයම 4.45ට පමණ මෙම ගින්න ඇතිව තිබෙන බවය. අදාළ කාමරය තුළ ඇදුම් මහන ස්ථානයක් පවත්වාගෙන ගොස් තිබේ.

මෙම ගින්න සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වී ඇති පොලිසිය, කොළඹ මහ නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ගේ සහාය ඇතිව ගින්න සම්පූර්ණයෙන් ම මැඩ පවත්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *