බන්ධනාගාරවල සිටින කුඩා දරුවන් සදහා සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදීමක්

(කොළඹ, ලංකාපුවත්) – සිරකරු පුනරුත්ථාපන ක්‍රියාවලියට නව අරුථක් ලබා දෙමින් බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ලෙස වර්තමාන කොමසාරිස් චන්දන ඒකනායක මහතා බන්ධනාගාරගත රැදවියන්ගේ දරුවන් සඳහා සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදා දීම පසුගියදා(01) කුරුවිට බන්ධනාගාරයෙහි දී සිදුකරන ලදී.

මෙය බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් වරයෙකු මෙලෛස ප්‍රථම වරට බන්ධනාගාරයෙහි සංචාරය කිරීම සුවිශේෂ කරුණකි.

මෙම බන්ධනාගාරය රක්ෂිත බන්ධනාගාරයකින් හා එලිමහන් වැඩකඳවුරකින්ද සමන්විත අතර රැදවියන් 650ක් පමණ ප්‍රමාණයක් මේ වන විට රදවා සිටී.

වර්තමාන බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතාගේ නව යෝජනාවක් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්.සී.ධනසිංහ මහතාගේ උපදෙස් මත බන්ධනාගාර ගත නේවාසික රැදවියන්ගේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලියට සමගාමීව සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදීමේ ප්‍රථම අධියර ලෙස කුරුවිට බන්ධනාගාර කාන්තා නේවාසික රැදවියන් කේන්‍ද්‍රකර ගනිමින් අත්‍යවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී.

මේ සඳහා වර්තමාන බන්ධනාගාර අධිකාරී අජිත් බස්නායක මහතා, ප්‍රධාන ජේලර් උදයකුමාර මහතා සහ ප්‍රධාන පුනරුත්ථාපන නිලධාරී දිල්රුක්ෂි පතිරණ යන මහත්ම මහත්මීන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරන ලදී.

මෙම සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ විශේෂ වැඩසටහන බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් බන්ධනාගාර මූලස්ථාන පුනරුත්ථාපන අංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2018.06.01 වන දින කුරුවිට බන්ධනාගාර පරිශ්‍රයේ දී සිදු කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *