ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායකයා අතර හමුවට දින තීන්දුයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර හමුව සඳහා දින නියම වි තිබේ.

ඒ අනුව ලබන 12 වන දින සිංගප්පුරුවේ දී එරට වේලාවෙන් උදෑසන 9.00ට දෙරටේ රාජ්‍ය නායකයින් අතර හමුව සිදුවීමට නියමිත බව අමෙරිකානු ධවල මන්දිරය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ධවල මන්දිර මාධ්‍ය ලේකම් සරා සැන්ඩර්ස් දිනපතා ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් මේ බව මාධ්‍යවේදීන් වෙත තහවුරු කර තිබේ.

ඒ අනුව අමෙරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර පළමු හමුව මෙය වේ.

කෙසේ වෙතත් මිට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන් අන් අතර පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡා අවලංගු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *