මොරගහකන්ද පසුකර යන්නන්ට වන අලි පිළිබඳ දැනුවත් කිරීමට ප‍්‍රචාරක පුවරු 80ක්

(කොළඹ, ලංකාපුවත්) – මොරගහකන්ද ජලාශය ආසන්නයේ මේ දිනවල නිරන්තරව ගැවසේන වන අලි සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සදහා ප‍්‍රචාරක පුවරු සවිකර ඇත.

ප‍්‍රදේශය හරහා සවස 6 පමණ වන විට වන අලි සියයක පමණ රංචුවක් නිරන්තරව සැරිසරණ බව වනජීවි අඩවි ආරක්ෂක කාර්යාලය සදහන් කළේය.

මෙරගහකන්ද ජලාශයේ ජලය නිකුත් කිරිම හේතුවෙන් මින්නේරිය හා කන්තලේ ප‍්‍රදේශ වලට ජලය ලැබී තිබේ.
මේ හේතුවෙන් වස්ගමුව ජාතික වානෝද්‍යානය වෙත ගමන්ගත් අලින්ගේ අලි මණ්කඩවල් ඇහිරි ඇතැයි වන ඇලහැර ජීවි කාර්යාලය සදහන් කළේය.

එහි වනසත්ව අඩවි ආරක්ෂ රංජිත් කේ විජිත මහතා කියාසිටියේ මොරගහකන්ද ප‍්‍රදේශය පසුකර යන පුද්ගලයින් මෙන්ම රථ වාහන ද සවය හයෙන් පසු ඉතා අවධානයෙන් ගමන් කල යුතු බවයි.

මේ වන විට ප‍්‍රදේශයේ ප‍්‍රචාරක පුවරු 80 ක් පමණ සවිකර ඇති බව ද හෙතෙම සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *