දකුණේ උණ රෝගය පිළිබඳ ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – මේ වනවිට දකුණේ උණ රෝගය පාලනය වී තිබෙන බවත් ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ ප්‍රධාන සංවිධයක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසී ය.

සෑම වසරකම ස්වශන රෝග බහුලව තිබෙනවා. තත්ත්වය අවම කිරීමට සෞඛ්‍ය අංශවලින් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. මෙම රෝගය පිළිබඳව ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.අදාළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණුව අඛණ්ඩව කටයුතු කරනවා.

අතිරේක ළමා විශේෂඥ වෛද්‍යවරු දකුණු ප්‍රදේශයට යවා තිබෙනවා. කරාපිටිය දැඩි සත්කාර ඒක්කය පුළුල් කිරීමට අවසර ලබා දී තිබෙනවා. එන්නත ලබාදීම මා හට තීන්දු කරන්න බෑ. ඒකට කොමිටියක් තිබෙනවා. ඖෂධ විශේෂඥයින් එහි සිටිනවා. ඩෙංගු එන්නත ගේන්නේ නෑ කියලා කෑ ගැහුවා. අපි ඉඩ දුන්නේ නෑ. මස හයක් තුළ මේ එන්නත අසර්ථකයි කියලා කිව්වා.

හෙට කිව්වොත් උණ රෝගයට එන්නත ඕන කියලා, මම ඉඩ දෙනවා. ඖෂධ පිළිබඳව තීරණ ගැනීමට අපේ ඖෂධ අධිකාරිය ඉහළ මට්ටමක සිටිනවා. මේ වනවිට දකුණේ උණ රෝගය පාලනය වී තිබෙනවා. වැසි කාලයට මේ තත්ත්වය එනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *