කෝප් කමිටුව අද රැස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – 08වෙනි පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය විවෘත වීමෙන් අනතුරුව අද (07) දිනයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව පළමුවරට රැස්වීමට නියමිතය.

‍08 වෙනි පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය පසුගිය මැයි 08 වනදින ආරම්භ කෙරුණු අතර එහිදී පෙර පැවති කෝප් කමිටුවම යළි පත් කීරීමට යෝජනා කෙරිණි.

එහෙත් පසුගිය කෝප් කමිටුවේ සාමාජිකයෙකුව සිටි වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා වෙනුවට ඒ සඳහා ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා පත් කර තිබේ.

ඒ අනුව මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගෙන් සමන්විත කෝප් කමිටුව අද පස්වරුවේ පළමු වරට රැස්වීමට නියමිතය.

මෙහිදී කෝප් කමිටුව සඳහා සභාපතිවරයෙකු තෝරාගැනීම සිදුකිරීමට නියමිත ය. පසුගිය කමිටුවේ සභාපතිවරයාව සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *