ෆුයේගෝ ගිනිකන්ද පිපිරීම ගැන දැනුම් නොදුන්නැයි බලධාරින්ට චෝදනා

(කොළඹ, ලංකාපුවත්) – ගෝතමාලාවේ ෆුයේගෝ ගිනිකන්ද පිපිරීමේ සිද්ධියේදී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක නොවූ බවට එරට හදිසි ප්‍රතිචාර දැක්වීමේ ආයතනයේ ප්‍රධානියාට චෝදනා එල්ලවී තිබේ.

ගෝතමාලාවේ විපක්ෂය පෙන්වාදී ඇත්තේ 100 කට ආසන්න පිරිසකට මරු කැඳවමින් තවත් ලක්ෂ 17 ක පමණ පිරිසකට බලපෑ මෙම ව්‍යසනය පිළිබඳව කළින් දැනුම්වත් කිරීමට අපොහොසත්වී ඇති බවය.

ගෝතමාලාවේ ෆුයේගෝ ගිනිකන්ද පුපුරායාමෙන් පුද්ගලයින් 99 දෙනෙකු මියගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *