රුහුණේ කෘෂි විද්‍යා පීඨය දින නියමයක් නොමැති වැසෙයි

(කොළඹ, ලංකාපුවත්) – වෛරස් උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් රුහුණ විශ්ව විද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලන අධිකාරීය ඊයේ(07) තීරණය කළ බව රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගාමිණි සේනානායක මහතා සඳහන් කළේය.

පසුගිය දින කිහිපයේ සිසු සිසුවියන් විශාල පිරිසක් උණ වැලදී අසනීප වීම හේතුවෙන් වෛද්‍ය නිර්දේශ මත එම තීරණය ගෙන ඇත.

කෙසේ නමුත් එම පීඨයේ පලමු වසරේ සිසුන්ට එම වෛරස් උණ පළමුව වැලදී තිබූ අතර එම නිසා ඔවුන්ට ඉකුත් සදුදා (04) සිට නිවාඩු දී තිබු බවත් අනෙක් වසර වල සිසුන්ද උණ සෑදී අසනීප වීමට පටන් ගැනීම හේතුවෙන් කෘෂි පීඨය සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කළ බව උපකුලපතිවරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *